AFC Banner
Empty Ad
Empty Ad

හෙද වෘත්තියෙන් අයින් වෙන්න කියපු නිසා විවාහ වෙන්න තිබුණු ආසාව අත්හැරියා-පුෂ්පා රම්‍යාණි මහත්මිය

ඇය විටෙක රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නීයක්,තවත් විටෙක ගායන ශිල්පිනියකි, තවත් අවස්ථාවක ඇය හදිසි අනතුරු ගැන දැනුවත් කරන හෙද නිලධාරිනියක්.ඒ වගේම දැන් ඇය ටෙලිනාට්‍යය හරහා ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා.ඉතින් ඒ වගේම වසර 20කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙන පුෂ්පා රම්‍යාණි සොයිසා අද වනවිට ජාතික පුහුණුකිරීමේ නිලධාරිනියක ලෙසත් කටයුතු කරනවා.කොහොම නමුත් කවුරුත් හදුනන මේ හෙද නිලධාරිනිය අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි.

මාව නිතරම රෑපවාහිනී නාලිකාවල දකින්න ලැබෙන කොට ගොඩක් අය විවිධ කතන්දර කිව්වා.ඒත් මම කළේ මගේ වෘත්තියට අදාළ රාජකාරිය විතරයි.ඒ සඳහා විශේෂඥ පුහුණුව ලබපු එකම හෙදිය මම.විශේෂඥ වෛද්‍යවරුන්ට තියෙන ගරුත්වය මේ රටේ විශේෂඥ හෙදියකට ලැබෙන්නෙ නැහැ.මම කරපු කැපකිරීම් මේ රටේ මිනිස්සු ගොඩ දෙනෙක් දන්නෙ නැහැ.

මම අවිවාහකයි.අම්මා බලාගත්තේ මම.අක්කා අල්ලපු ගෙදර හිටිය නිසා මට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.පැය 24/48 එක දිගට වැඩකරලා ශාරීරිකව දැනෙන වෙහෙස විස්තර කරන්න බැරි තරම්.

ඒත් උදෙන්ම නැගිටලා අම්මගෙ කෑම බීම හදලා,එයාට කවලා,පොවලා,නාවලා තමයි මම රාජකාරියට ගියේ.දවල්ට අක්කා බලාගත්තා.අම්මා අවුරුදු 10කට කලින් මෙලොවින් සමුගත්තා.එතකොට එයාට අවුරුදු 84යි.මම ඒ හැමදේම සතුටින් කළේ.මාව විවාහ කරගන්න කැමති වුණු දෙතුන් දෙනෙක් හිටියා.ඒත් හෙද වෘත්තියෙන් අයින්වෙන්න කියපු නිසා මම ඒ අදහස අතහැරියා.මගේ වෘත්තීයට මම ආදරේ කරපු ගරු කරපු කෙනෙක්.

අපේ රටේ මුල්වරට Triage සංකල්පයට අනුව රෝගීන් වර්ගීකරණය හා තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කළා.ලංකා ඉතිහාසයේ මුල්වරට තමයි මෙවැනි සංකල්පයක් හඳුන්වලා දුන්නෙ.ඇත්තටම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වසරකට රෝගීන් ලක්ෂයකට වඩා පැමිණෙනවා.මේ සංකල්පයේ මුල්ම හෙදිය හැටියට මාව හඳුන්වා දුන්නා.මම හෙදියක් හැටියට විවිධ අංශවල සේවය කරලා තිබුණා.

මේ තනතුර සඳහා බලධාරීන්ට ඕන වුණේ හොඳ සන්නිවේදන හා නිපුණත්වයක් තියෙන කෙනෙක්.මේ කාරණා නිසයි මට මේ තනතුර ලැබුණේ.ඒ වගේම ජපානය,අමෙරිකාව ඇතුළු රටවල් 10ක විතර මේ සඳහා අවශ්‍ය විශේෂඥ පුහුණුව මට ලබාදුන්නා.ඒ අනුව තමයි මම ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී තනතුරට පත්කළේ.

ඒත් ලංකාවට මේ සංකල්පය මුල් කාලෙ හුරුවෙලා තිබුණෙ නැහැ.හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කරන ලෙඩ්ඩු අසාධ්‍යයද,නැද්ද ඒ අය යොමු කරන්න ඕනෙ මොන දොස්තරවරයාටද කියන දේවල් මගේ වෘත්තීය වගකීම්වල ප්‍රධාන කොටසක් වුණා.වෘත්තියෙන් හෙදියක් වීම නිසා මට මුල් කාලෙ ගැටලු රැසකට මූණ දෙන්න සිද්ධ වුණා.කොවිඩ් තත්ත්වයෙන් පස්සෙ තත්ත්වය තවත් වෙනස් වුණා. අර්බුද රැසකට මූණ දෙන්න වුණා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

AC5CFB3F B587 4277 82F1 2F8E1E4455BE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?