හෙද වෘත්තියෙන් අයින් වෙන්න කියපු නිසා විවාහ වෙන්න තිබුණු ආසාව අත්හැරියා-පුෂ්පා රම්‍යාණි මහත්මිය

ඇය විටෙක රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නීයක්,තවත් විටෙක ගායන ශිල්පිනියකි, තවත් අවස්ථාවක ඇය හදිසි අනතුරු ගැන දැනුවත් කරන හෙද නිලධාරිනියක්.ඒ වගේම දැන් ඇය ටෙලිනාට්‍යය හරහා ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා.ඉතින් ඒ වගේම වසර 20කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙන පුෂ්පා රම්‍යාණි සොයිසා අද වනවිට ජාතික පුහුණුකිරීමේ නිලධාරිනියක ලෙසත් කටයුතු කරනවා.කොහොම නමුත් කවුරුත් හදුනන මේ හෙද නිලධාරිනිය අපිත් එක්ක කතා බහ කලේ මෙන්න මේ විදිහටයි.

මාව නිතරම රෑපවාහිනී නාලිකාවල දකින්න ලැබෙන කොට ගොඩක් අය විවිධ කතන්දර කිව්වා.ඒත් මම කළේ මගේ වෘත්තියට අදාළ රාජකාරිය විතරයි.ඒ සඳහා විශේෂඥ පුහුණුව ලබපු එකම හෙදිය මම.විශේෂඥ වෛද්‍යවරුන්ට තියෙන ගරුත්වය මේ රටේ විශේෂඥ හෙදියකට ලැබෙන්නෙ නැහැ.මම කරපු කැපකිරීම් මේ රටේ මිනිස්සු ගොඩ දෙනෙක් දන්නෙ නැහැ.

මම අවිවාහකයි.අම්මා බලාගත්තේ මම.අක්කා අල්ලපු ගෙදර හිටිය නිසා මට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.පැය 24/48 එක දිගට වැඩකරලා ශාරීරිකව දැනෙන වෙහෙස විස්තර කරන්න බැරි තරම්.

ඒත් උදෙන්ම නැගිටලා අම්මගෙ කෑම බීම හදලා,එයාට කවලා,පොවලා,නාවලා තමයි මම රාජකාරියට ගියේ.දවල්ට අක්කා බලාගත්තා.අම්මා අවුරුදු 10කට කලින් මෙලොවින් සමුගත්තා.එතකොට එයාට අවුරුදු 84යි.මම ඒ හැමදේම සතුටින් කළේ.මාව විවාහ කරගන්න කැමති වුණු දෙතුන් දෙනෙක් හිටියා.ඒත් හෙද වෘත්තියෙන් අයින්වෙන්න කියපු නිසා මම ඒ අදහස අතහැරියා.මගේ වෘත්තීයට මම ආදරේ කරපු ගරු කරපු කෙනෙක්.

අපේ රටේ මුල්වරට Triage සංකල්පයට අනුව රෝගීන් වර්ගීකරණය හා තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කළා.ලංකා ඉතිහාසයේ මුල්වරට තමයි මෙවැනි සංකල්පයක් හඳුන්වලා දුන්නෙ.ඇත්තටම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වසරකට රෝගීන් ලක්ෂයකට වඩා පැමිණෙනවා.මේ සංකල්පයේ මුල්ම හෙදිය හැටියට මාව හඳුන්වා දුන්නා.මම හෙදියක් හැටියට විවිධ අංශවල සේවය කරලා තිබුණා.

මේ තනතුර සඳහා බලධාරීන්ට ඕන වුණේ හොඳ සන්නිවේදන හා නිපුණත්වයක් තියෙන කෙනෙක්.මේ කාරණා නිසයි මට මේ තනතුර ලැබුණේ.ඒ වගේම ජපානය,අමෙරිකාව ඇතුළු රටවල් 10ක විතර මේ සඳහා අවශ්‍ය විශේෂඥ පුහුණුව මට ලබාදුන්නා.ඒ අනුව තමයි මම ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී තනතුරට පත්කළේ.

ඒත් ලංකාවට මේ සංකල්පය මුල් කාලෙ හුරුවෙලා තිබුණෙ නැහැ.හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කරන ලෙඩ්ඩු අසාධ්‍යයද,නැද්ද ඒ අය යොමු කරන්න ඕනෙ මොන දොස්තරවරයාටද කියන දේවල් මගේ වෘත්තීය වගකීම්වල ප්‍රධාන කොටසක් වුණා.වෘත්තියෙන් හෙදියක් වීම නිසා මට මුල් කාලෙ ගැටලු රැසකට මූණ දෙන්න සිද්ධ වුණා.කොවිඩ් තත්ත්වයෙන් පස්සෙ තත්ත්වය තවත් වෙනස් වුණා. අර්බුද රැසකට මූණ දෙන්න වුණා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

AC5CFB3F B587 4277 82F1 2F8E1E4455BE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?