AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා මෘතදේහවලට Zoom ඔස්සේ පාංශකූල දෙන්න වැඩපිලිවෙලක්.

කොරෝනා රෝගයෙන් මියයන බෞද්ධ ජනතාවගේ පාංශුකූල කටයුතු සහ හත්දවසේ බණ කටයුතු ආදිය ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට හෙල බොදු සවිය සංවිධානය ඉදිරිපත් වී තිබේ.

එහිඑහි සභාපති බුදුගල ජිනවංස හිමි ‌නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ කොවිඩ් -19 හේතුවෙන් මියගිය තම සමීපතමයින්ගේ අවසන් කටයුතු ඉටු කිරීමට කිසිදු ක්‍රමයක් නොමැතිව සමහර පුද්ගලයින් අසරණව සිටින නිසා එසේ කිරීමට තීරණය කළ බවය.

හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොවිඩ් මරණ සදහා පංශුකුල දෙන්න අපි සුදානම්

කොවිඩ් 19 මරණ දිනෙන් දින වැඩි වෙමින් ඇත.බෞද්ධ ජනතාව තම මිය ගිය ඥාතියට පාංශු කූලයකවත් ලබා දීමට නොහැකිව විශාල ලෙස අපහසුතායට පත් වී ඇත. එබැවින් Zoom තාක්ෂණය ඔස්සේ හෝ එළිමහන් ස්ථානයක පාංශු කුල කටයුතු කිරිමට අප සුදානම්ය.

ඒ සදහා කිසිම ප්‍රත්‍ය පහසුකමක් අප බලාපොරොත්තු නොවෙමු. විශේෂයෙන් පාංශු කුල ලබාදිමට තම මිය ගිය ඥාතියාගේ දේහය අවශ්‍ය නැත.

එම නිසා අපට හුදකලා ප්‍රදේශයක සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව පාංශු කුල කටයුතු සිදු කළ හැකිය.

තවද සත්දින (7) මතක ධර්ම දේශනය ද Zoom තාක්ෂණය හරහා සිදු කළ හැකිය.

එබැවින් අප සංවිධානය මෙම සංවේදි අවස්ථාවේ දි ඔබගේ දුක සංවේගය තුනි කිරිමට අප මැදිහත් විමට බලාපොරොත්තු වෙමු.

ඒ සදහා පහත සදහන් දුරකතන අංකයට සම්බන්ධ කරගන්න.

පුජ්‍ය බුදුගල ජිනවංස හිමි 0718124505
පුජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි 0718012049
Whatsapp No. 0773071950 (පුජ්‍ය බුදුගල ජිනවංස හිමි)

තෙරුවන් සරණයි
සසුන්ලැදි

බුදුගල ජිනවංස හිමි
සභාපති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?