බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා තවත් තරුණියකට අතවර කළ බවට චෝදනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා විසින් තමන්ට අතවර කළ බවට එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 29 හැවිරිදි තරුණියක විසින් පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පරීක්ෂණ සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම අද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ පිහිටි නිවස වෙත ගොස් ඇය විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ විමර්ශන සිදුකළ බවයි.
මේ අතර, හිෂාලිනී ජූඩ් දැරිය පිලිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේදීත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා. අධිකරණ නියෝග මත දැරියගේ ගොඩගත් දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණා. සිරුරේ විවිධ කොටස් වලින් ලබා ගත් සාම්පල රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටයි එහිදී තීරණය කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !