මල්වර නැකතට ගිය 85කට කොරෝනා ආසාදනය වෙයි

පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ පැවැත්වූ මල්වර උත්සවයක් සඳහා සහභාගී වූ බව පැවසෙන පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව වාර්තා වෙයි.

මොවුන් පසුගිය 24 වන දා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිවසක දී  උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබූ අතර බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත්ව නවතා දමා තිබුණි.

එදින උත්සවය සුදානම් කර තිබූ මොහොතේ පුද්ගලයින් 35දෙනෙක් එම නිවසට පැමිණ තිබුන බව වාර්තා වී ඇත.

අනතුරුව උත්සවය නවතා දැමීම හේතුවෙන් පිසූ ආහාර නිවැසියා විසින් උත්සවයට ආරාධනා කරන ලද නිවෙස්වලට පාර්සල් කර ගෙන ගොස් දී ඇත.

අනතුරුව පසුගිය ජූලි 26 වන දා එම නිවසේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයෙකුට ඇති වු රෝගී තත්ත්වය මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව ඔහු කොරෝනා ආසදිතයෙක් බව තහවුරු වී තිබේ.

ඒ අනුව කළ කොවිඩ් පරීක්ෂණ වලදී 23දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනින.

පසුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 212දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ගොරකදෙණිය ලංකාරාම විහාරස්ථානයේ දී ඊයේ (31) සිදුකර තිබෙන අතර ඉන් 62ක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ආසාදිතයින් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිත අතර ප්‍රදේශයේ පවුල් 40කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනට ලක්කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38
Video thumbnail
වැලිකඩ OIC ලබන 09වෙනිදා දක්වා රිමාන්ඩ් - හිනාවෙවී කට්ටිය එක්ක ඇතුළට යන හැටි
01:50
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58
Video thumbnail
ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල්
01:15
Video thumbnail
අහිංසක උපාධිධාරීන්ගෙන් ආණ්ඩුව කෝටි 44ක් අරගෙන - දයාසිරිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:01
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමේ වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයකුත් සොයාගනී - මෙන්න නවතම දර්ශන
00:58
Video thumbnail
සජබෙන් ඡන්ද 21,000 ක් එක්ක ආව කියා බොරු කිව්ව තරුණය ප්‍රසිධියේ සියල්ල හෙළිකරයි
01:16
Video thumbnail
බොරු කියලා පොහොට්ටුවේ වේදිකාවට නැග්ග තරුණයා හැමෝගෙන්ම සමාව ගයි..මට කළකිරුණා
01:53
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමට පැමිණි මෝටර් රථය යැයි සැකකරන මෝටර් රථයක් සොයාගනී
01:07