ඉෂාලිනිගේ දේහය තැම්පත් කළ ඩයගම සුසාන භූමියට පොලිස් ආරක්ෂාව

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිණි ඇවිලීමෙන් මිය ගිය දැරියගේ දේහය තැන්පත් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

මියගිය දැරියගේ දේහය යළි ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ ලබාදුන් නියෝගයත් සමඟ එලෙස පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. දැරියගේ දේහය ගොඩ ගැනීමේ කටයුතු අද දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

මේ අතර ඉෂාලිනී දැරියගේ මරණයට සම්බන්ධ පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් පිරිසක් ඩයගම නගරයේදී විරෝධතාවයක නිරත වුණා. ඩයගම වතු යායේ සිට ඩයගම නගරය දක්වා පා ගමනින් පැමිණි පිරිසක් එලෙස විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුව එම පිරිස ඉෂාලිනී දැරියගේ දේහය තැන්පත් කර ඇති සුසාන භූමිය වෙත ගොස් ඇයගේ දේහය තැන්පත් කර ඇති සොහොන මත ඉටි පහන් දල්වා මියගිය දැරිය සිහිපත් කළ බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදඟන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?