පාසල් විවෘත කිරීම ගැන බලාපොරොත්තුවක්

අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව යම් සැලැස්මකට අනුව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල්. පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ (26) නෙළුම් මාවතේ පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ පරමාර්ථය ඇතිව මේ වනවිට දීප ව්‍යාප්ත මට්ටමින් ගුරුවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නතරකරණ වැඩසටහන ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.

ඒ අනුව එන්නත්වල දෙවන මාත්‍රාව අගොස්තු අවසානයට පෙර ලබාදීමට ද අපේක්ෂිත ය. 

අද උදෑසන වනවිට එම එන්නත්කරණ වැඩසටහනේ 77%ක් පමණ අවසන්කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව,

බස්නාහිර පළාතේ 98%ක්
දකුණු පළාතේ 83%ක්
වයඹ පළාතේ 82%ක්
උතුරු මැද පළාතේ 82%ක්
ඌව පළාතේ 80%ක්
මධ්‍යම පළාතේ 79%ක්
උතුරු පළාතේ 62%ක්
සබරගමු පළාතේ 52%ක්
නැගෙනහිර පළාතේ 48%ක්

වශයෙන් එම එන්නත්කරණය අවසන්කොට තිබේ. 

ඒ අනුව අද උදෑසන වනවිට මෙම වැඩසටහන යටතේ 222,940ක ප්‍රමාණයක් සඳහා එන්නත් ලබා දී තිබේ. 

මේ අතර ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටලුව විසඳීමට රජය තමන්ට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යවරයා අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ගුරු සංගම් සමග (27) සාකච්ඡාවක් පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස රජයට බලකරමින් ගුරු – විදුහල්පති සංගම් අද 15වන දිනටත් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණවල නිරතවිය.

බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ද අද එක් උද්ඝෝෂණයක් පැවැත්වුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46
Video thumbnail
උඹලා මොනවා කරත් අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා - ඔය කෙඳිරි ගාන්නේ බය වෙච්ච අය තමයි
03:42
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38
Video thumbnail
වැලිකඩ OIC ලබන 09වෙනිදා දක්වා රිමාන්ඩ් - හිනාවෙවී කට්ටිය එක්ක ඇතුළට යන හැටි
01:50
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58