හෙදියකට පහරදුන් හිමිනම අත්අඩංගුවට

ආණමඩුව පොලීසිය පැවසුවේ පී.සී.ආර්. පරීක්ෂණයකදී දැඩි වේදනාවක් ඇතිවීමෙන් උරණ වූ හිමිනමක් පරීක්ෂණය සිදුකළ හෙදියට වීදුරු පිගානකින් පහරදී ඇති බවයි.

පහරකෑමෙන් හෙදියගේ හිස ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති අතර, අනතුරුව ඇයව රෝහල් ප්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත යොමු කර ඇත.

අනතුරුව තුවාල ලැබූ හෙදිය වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවීමට කටයුතු කළ බව ආණමඩුව රෝහල් බලධාරීන් සදහන් කරයි.

හෙදියට පහරදුන් ආණමඩුව කුමාරගම විහාරස්ථානයක හිමිනම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  1. මූ චීවර ධාරියෙක්ද ? මැරයෙක්ද ? අද සිවුරක් කඩන් අරන් දමා ඔනෙම එකෙකුට ඔනෙම පාහර වෙඩක් කරන්න අවස්තාව; චීවරයට ගිය කලක් . කුඩ්ඩො ; කසිප්පු කාරයො . ස්ත්‍රී දූෂකයො මැරයො ඔක්කොම අද චීවරය දරනවා