ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සහ දක්ෂ ගෝල් රකින්නෙකු වන සුජාන් පෙරේරා ජාත්‍යන්තර පාපන්දු පිටියට සමු දී තිබෙනවා.
ජාතික කණ්ඩායම නියෝජනය කරමින් රට වෙනුවෙන් කැපවීමෙන් ක්‍රීඩා කළ සුජාන් පෙරේරා සිය විශ්‍රාමයාම පිළිබඳ තීරණය
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් වෙත දැනුම් දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
තම ක්‍රීඩා දිවිය පුරා ලබාදුන් සහයෝගය සහ දිරිගැන්වීම වෙනුවෙන් සභාපතිවරයාට සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිය කෘතඥතාව ද පළ කිරීමට ද සුජාන් මෙහිදී කටයුතු කර තිබෙනවා.
සුජාන්ගේ විශ්‍රාම දිවියට සුබ පැතුම් එක් කළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ඔහුට සාර්ථක සහ සතුටින් පිරි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කර ඇති අතර, ඔහු සතු අත්දැකීම් සහ දැනුම අනාගත ශ්‍රී ලාංකික ගෝල් රකින්නන් වෙත ලබාදීම සඳහා ගෝල් රකින්නන් පුහුණු කිරීමේ ක්ෂේත්රයට පිවිසෙන ලෙස ද සභාපතිවරයා ඔහුට ඇරයුම්කර තිබෙනවා.
