පසුගිය 09 වනදා කළුතර, නාගොඩ ප්රදේශයේ දී අවන්හල් හිමිකරුවෙකු සහ ඔහුගේ බිරිඳ එම අවන්හල ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර අපරාධ කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනවල දී මෙම වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
මෙම සැකකරු කඩුවෙල ප්රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (25) පස්වරුවේ සිදුකළ වැටලීමක දී කඩුවෙල, රණාල ප්රදේශයේ නිවසක සැඟව සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකරු සැඟව සිට ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක්වන ‘දිප්පිටිගොඩ ශක්ති’ නැමැත්තාගේ ඥාති නිවසකයි.
මොහු වයස අවුරුදු 32ක බදුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනවරණය වී ඇත්තේ.
‘කළුතර නවීන්, නමැත්තාගේ උවමනාව මත මෙම වෙඩි තැබීම සිදුකළ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම මෙම ඝාතනය සඳහා ටී56 වර්ගයේ ගිනි අවියක් වෙනත් පුද්ගලයකු ඔහුට ලබා දී ඇති අතර, ඝාතනයෙන් අනතුරුව එම ගිනි අවිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හුවමාරුව ආසන්නයේ දී වෙනත් පුද්ගලයකුට ලබා දී ඇති බවත් සැකකරු පපොච්ච්රණය කර තිබෙනවා.
මෙම ඝාතනය සිදුවීමට පෙර එක් අවස්ථාවකදී ද අදාළ අවන්හල් හිමිකරු ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති අතර, එම උත්සාහය ව්යාර්ථ වී ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
