කාවන්තිස්ස ඇතාගේ වියෝව සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව රැස්වෙයි

‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහන සඳහා පත් කළ විශේෂඥ කමිටුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ ප්‍රධානත්වයෙන් පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ රැස්වුණා.

2026 ඔක්තෝබර් මස 16 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම විශේෂඥ කමිටුව පත් කරනු ලැබුවා.

මෙහිදී ඇතාගේ මරණයට හේතුව සහ ඇතාට සිදුවූ හානියේ ස්වභාවය මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

අනාගතයේදී මෙවැනි තත්ත්වයන් හමුවේ කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග නිශ්චය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් මත සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ක්ෂේත්‍රයේදීම කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා පශු වෛද්‍ය ඒකකයක් (Rapid Response Veterinary Unit) ස්ථාපිත කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

මීට අමතරව, මේ සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ද මෙහිදී තීරණය වුණා.

විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක, ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. හැරිසන්, විශේෂඥ කමිටුවේ සභාපති, හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ. එච්. සරත් විජේසිංහ, කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය ටී. සමින්ද ප්‍රනාන්දු, මහාචාර්ය පී. ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ. කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46