අකුරණ අනතුරේ ප්‍රයිමුර්ව රථය ගොඩ ගන්න පැය තුනකට A 09 මාර්ගය වසා තබයි

පසුගිය 19 වැනිදා අකුරණ, කුරුගොඩ, 07 කණුව ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාල ප්‍රයිමුර්ව රථය හා එහි ටේලරය එම ස්ථානයෙන් ගොඩගෙන ඉවත් කිරීම සඳහා අද (21) දින උදෑසන 09.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැය 03 ක කාලයක් යාපනය – නුවර A 09 මාර්ගයේ කුරුගොඩ 07 කණුව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා තැබීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

ඉහත කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විකල්ප මාර්ග

  • මහනුවර සිට මාතලේ දෙසට ගමන් ගන්නා වාහන කටුගස්තොට, මඩවල, වත්තේගම, උකුවෙළ, ඇල්වල හරහා ගමන් කර A 09 මාර්ගයට පිවිසිය හැකිය.
  • මාතලේ දෙස සිට මහනුවර දෙසට ගමන් ගන්නා වාහන,
    බර වාහන සඳහා ඇල්වල, උකුවෙළ, වත්තේගම, මඩවල, කටුගස්තොට හරහා මහනුවර දෙසට ගමන් කල හැකිය.
    සැහැල්ලු වාහන සඳහා අලවතුගොඩ, ඕවිස්ස, පූජාපිටිය, අඹතැන්න හරහා කටුගස්තොටට පිවිස මහනුවර දක්වා ගමන් කල හැකිය.