වසරේ ප්රධානතම උල්කාපාත වර්ෂාව අද (21) රාත්රියේදී නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බව අභ්යාවකාශ විද්යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.
මෙම උල්කාපාත වර්ෂාව ඔරයනිස්ට් උල්කාපාත වර්ෂාව ලෙස නම් කර ඇති බවයි ඔහු සඳහන්කර සිටියේ.
අද (21) රාත්රී 11.00 සිට පසුදා අළුයම් කාලය දක්වා මෙය අහසේ ඉහළට ගමන් කිරීම සිදුවන බව සඳහන්.
මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීම සඳහා හෙට (22) අළුයම 04 සහ 05 ආසන්න කාල සීමාව වඩාත් යෝග්ය බව අභ්යාවකාශ විද්යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසා සිටියා.
