කාවන්තිස්ස හස්ති රාජයාගේ වියෝව ගැන සොයන්න පත්කළ කමිටුව අද රැස්වෙයි

පසුගිය දා මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කළ විශේෂඥ කමිටුව අද (21) පළමුවරට රැස්වෙනවා.

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනට අදාළ නිර්දේශ ලබාදීම මෙම කමිටුවේ කාර්ය භාරයට අයත්.

පරිසර සහ වනජීවි අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ඒ.එච්. සරත් විජේසිංහගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්‍රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න කටයුතු කරනවා.

කාවන්තිස්ස හස්ති රාජයාගේ මරණය සම්බන්ධයෙන් මෙම කමිටුවේ වාර්තාව මාසයක් ඇතුළත ජනාධිපතිවරයාට භාරදීමට නියමිතයි.