ත්රිකුණාමලය පොලිස් වසමේ 04 කණුව හන්දියේදී ඊයේ (20) දින රාත්රී නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු පිරිසක් විසින් ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 56 ක් වූ සිංහපුර, ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු නිවාඩු නිකේතනයේ තනිව සිටියදී කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්රිකුණාමලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
