පසුගිය දා අපවත් වී වදාළ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනරාමාධිපති, සිරි චන්දවිමල වංශාලංකාර, චන්ද්රකීර්ති ශ්රී අමරවංශ, සද්ධර්මවාගීශ්වර, ශාසන ශෝභන, අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරි විමලාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (21) දින ගැටඹේ නගර සභා ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම ආදාහන පුජෝත්සවය රාජ්ය අනුග්රහය යටතේ පැවැත්වීම පිණිස රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යතුමා; සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
