මහින්ද කහඳගම රිමාන්ඩ්

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුණු කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු අද (12) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.