සෞඛ්‍ය වැඩ වර්ජනය අවසන්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීන් 14 ක් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

නිසි උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කරගනිමින් වෘත්තීය සමිති විසින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදාළ වැඩ වර්ජනය අවසන් කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?