අද උදෑසන සිට හුදකලා කෙරෙන බවට ප්‍රකාශ කෙරුණු මාතර උයන්වත්ත සහ මාතර උයන්වත්ත උතුර යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා.
අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දිස්‌ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එය සන්නිවේදන දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව අනාවරණය වූ බවයි.
පසුගිය සෙනසුරාදත් දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමක් පැවතී බවත් එහිදීත් මෙවැනි යමක් සකාච්ඡා නොවූ බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.
කෙසේ වෙතත් මෙම වරද නිවැරදි කිරීමට හැකි ඉක්මනින් පියවර ගන්නා බවයි පර්ලිමෙන්තු මන්ත්‍රීවරයා අප සමග පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




