එල්නිනෝ කාලගුණික තත්ත්වයේ දිවයින පුරා දිස්ත්‍රික්ක 08ක පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
එම මධ්‍යස්ථානය පවසන්නේ බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක අටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පවුල් 43,221කට පානිය ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.
අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොණරාගල, පොළොන්නරුව හා රත්නපුර දිස්ක්‍රික්ක මෙලෙස පානීය ජල ගැටලුවට මුහුණදී සිටිනවා.
ඉන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කය වන අතර, එහි පවුල් 13,139කට අයත් පුද්ගලයින් 42,429 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.













