දීපාවලී උත්සවය නිමිත්තෙන් ඊයේ (07) දින හැටන් ලංගම ඩිපෝවට වාර්තාගත ආදායමක් හිමි වූ බව එම ඩිපෝවේ කළමණාකාර පාලිත වීරසූරිය පවසනවා.
ඒ අනුව, ඊයේ (07) දින උදෑසන සිට, අද (08) දිනයේ උදෑසන 6:00 වන විට ඩිපෝවට රුපියල් හතලිස් හත් ලක්ෂ හැට පන්දහසක ආදායමක් හිමිව ඇති අතර, හැටන් ඩිපෝව ආරම්භ කළ දිනයේ සිට එක දිනක් තුළ මෙතෙක් ලැබූ උපරිම ආදායම මෙය බවයි, ඩිපෝවේ කළමණාකාරවරයා සඳහන් කළේ.
ඊයේ (07) දිනයේදී හැටන් ඩිපෝව මගින් දුර සහ කෙටි දුර ධාවනයට බස් රථ 82ක් ධාවනයට එක්කර තිබුණා.










