ඊශ්‍රායලයේ බල පෙරළියක්- නෙතන්යාහුගේ ප්‍රතිවාදියාට නව රජයක් පිහිටුවීමට ආරාධනා

ඊශ්‍රායලයේ මීළඟ රජය පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් නෙතන්යාහු වෙනුවට ඔහුගේ ප්‍රතිවාදියා වන හිටපු හමුදාපති අයිසන්කොට් වෙත ආරාධනා කර ඇති බවට වාර්තාවෙනවා.

බෙන්ජමින් නෙතන්යාහුගේ දීර්ඝ අගමැති ධුර කාලය අවසන් කළ හැකි සන්ධානයක් ගොඩනැගීම සඳහා හිටපු හමුදා ප්‍රධානියාට දින 28ක කාලයක් හිමිව තිබෙනවා.

ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සෝග් විසින්, හිටපු හමුදා ප්‍රධානියෙකු වන ගාඩි අයිසන්කොට් වෙත රටේ මීළඟ රජය පිහිටුවීමේ වගකීම පවරා ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙහිදී ඔහු අයිසන්කොට්ගේ ප්‍රතිවාදියා වන බෙන්ජමින් නෙතන්යාහු මග හැරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා පැවසුවේ, හර්සෝග් සෙනසුරාදා සවස මෙම තීරණය අයිසන්කොට් වෙත දැනුම් දුන් බවත්, ඉරිදා පැවැත්වෙන උත්සවයකදී ඔහු වෙත නිල වශයෙන් එම වගකීම භාර දෙන බවත්ය.

ඔක්තෝබර් 27 වැනිදා පැවති මහ මැතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ පසුබිමක, රජයක් පිහිටුවීම සඳහා කාට වගකීම පැවරිය යුතුද යන්න තීරණය කිරීමට හර්සෝග් මෙම සතියේ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වුවා.

අරාබි ජාතිකයන් නායකත්වය දෙන පක්ෂ ඇතුළුව මන්ත්‍රීවරුන් 67 දෙනෙකු පමණ, ‘යෂාර්’ (Yashar) පක්ෂයේ නායක අයිසන්කොට් මීළඟ රජය පිහිටුවීම සඳහා සුදුසු බවට සහාය පළ කළා. මේ අතර, මන්ත්‍රීවරුන් 46 දෙනෙකු පමණක් වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සහාය පළ කර තිබුණා.

රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය අවම මන්ත්‍රී සංඛ්‍යාව වන 61ක බහුතරයක් සහිත සන්ධානයක් ගොඩනැගීමට අයිසන්කොට් වෙත දින 28ක කාලයක් ලැබෙනු ඇත. අවශ්‍ය නම් මෙම කාලය තවත් දින 14කින් දීර්ඝ කිරීමට ද අවස්ථාව ඇත.

ඔක්තෝබර් මැතිවරණයේදී අයිසන්කොට්ගේ පක්ෂ හතරකින් සමන්විත සන්ධානය ආසන 48ක් දිනා ගත් අතර, නෙතන්යාහුගේ දක්ෂිණාංශික සහ ආගමික කණ්ඩායම ආසන 53ක් දිනා ගත්තා. මේ අනුව, පාර්ලිමේන්තු බහුතරය සඳහා අවශ්‍ය ආසන 61ක සංඛ්‍යාවට ළඟා වීමට දෙපාර්ශ්වයටම නොහැකි විය. ඊශ්‍රායලයේ වෙසෙන පලස්තීන පුරවැසියන් නියෝජනය කරන අරාබි පක්ෂ, වාර්තාගත ආසන 19ක් දිනා ගැනීමට සමත් වුණා.

අරාබි පක්ෂ සමඟ එක්ව රජයක් පිහිටුවීම අයිසන්කොට් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා; එසේ කළේ නම් ඔහුට ආසන 67ක බලයක් හිමි වීමට ඉඩ තිබුණා. ‘යුනයිටඩ් ටෝරා ජුඩයිසම්’ (United Torah Judaism) සහ ‘ෂාස්’ (Shas) යන අන්ත ඕතඩොක්ස් (ultra-Orthodox) පක්ෂ දෙකේ සහාය දිනා ගතහොත්, ඔහුට හරියටම ආසන 61ක් හිමි වනු ඇති බවයි වාර්තාවන්නේ.

එසේම, පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ඡන්ද විමසීමකදී ජයග්‍රහණය කළහොත්, ඔහුට ආසන 61කට වඩා අඩු සංඛ්‍යාවක් සමඟ වුවද රජයක් පිහිටුවිය හැකිය.‍ෙ

නියමිත කාලසීමාව තුළ රජයක් පිහිටුවීමට අයිසන්කොට් අසමත් වුවහොත්, හර්සෝග් (Herzog) විසින් වෙනත් අපේක්ෂකයෙකු නම් කරන්නට කටයුතු කරයි. දෙවන අපේක්ෂකයා ද අසමත් වුවහොත්, පාර්ලිමේන්තු බහුතරයකගේ සහාය ඇතිව තෙවන අපේක්ෂකයෙකුට අවස්ථාව ලබා දෙනු ලබන අතර, ඒ සඳහා ඔහුට දින 14ක කාලයක් හිමි වනවා.

එසේ වුවද රජයක් පිහිටුවීමට නොහැකි වුවහොත්, දින 90ක් ඇතුළත නව මැතිවරණයක් කැඳවනු ලබන අතර, එම කාලය තුළ භාරකාර අගමැතිවරයා ලෙස කටයුතු කරන්නට නෙතන්යාහුට අවස්ථාව හිමිවෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසිය ඉන්නේ ඩෝබිලාව ආරක්ෂා කරන්න නෙමෙයි
03:34
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් හර්ෂණට තදවෙයි
06:41
Video thumbnail
අපිට ගැහුවොත් අපිත් ග#නවා මහත්තයෝ - කස්සප හිමි පොලිසියට කෙළින්ම කියයි 4 police
02:08
Video thumbnail
සටනට එක්වුණු අනුරාධපුර සෝමරත්න හිමි ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:14
Video thumbnail
අපිට ගහනකොට අනුරට සල්ලි හම්බෙනවා - අපිව එළවන්න බෑ
15:34
Video thumbnail
පේනවා නේද ඉදිමිලා.. කස්සප හිමිට වුණ දේ..
02:07
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:16:36
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:29:51
Video thumbnail
කොළඹ - නුවර ප්‍රධාන පාරේ බිහිසුණු අනතුරක්
00:39
Video thumbnail
තරුණයින්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
02:04