කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 26 වැනි මහලෙන් ඇද වැටී 60 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
පෙරේදා (06) දිනයේදී උදෑසන කාලයේ මෙයසිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බත්තරමුල්ලේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම පුද්ගලයා එම මහල් නිවාස සංකීර්ණයේනිවසක නවාතැන් ගෙන සිට තිබෙනවා.
මෙම මරණය සිය දිවි නසා ගැනීමක් ද, එසේත් නොමැති නම් වෙනත් හදිසි අනතුරක් ද හෝ හේතුවක් ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.
සිද්ධිය සිදු වූ ස්ථානයේ, ස්ථානීය පරීක්ෂණය සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා පැමිණි බව ද පොලිසිය කියා සිටියා.










