අත්‍යවශ්‍ය සහ ජීවිත ආරක්ෂක ඖෂධ තොග සැලකිය යුතු ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ නොමැතිවීම නිසා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරනවා.
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සාත්තු සේවා ආයතන සහ පෞද්ගලික රෝහල් පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍ය සහ ජීවිත ආරක්ෂක ඖෂධ තොග අදාළ ආයතන පවත්වාගෙන යාම අනිවාර්ය වන නමුත් එවන් ඖෂධ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ නොමැතිවීම බව වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙනවා.
පෞද්ගලික අංශය ඔසුහල් වලද අඛන්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට අසමත්ව ඇති අතර මේ වන විට මෙරටට ඖෂධ ලබා දීම සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සහ සැපයුම්කරුවන් දරන උදාසීන ප්‍රතිපත්තිය මෙයට හේතුවක් වී ඇති බවද ඔහු සඳහන් කරනවා.
එම නිසා මේ වනවිට පෞද්ගලික අංශයේද සැලකිය යුතු ඖෂධ හිඟයක් නිර්මාණය වී තිබෙන බව ඔහු ප්‍රකාශ කරනවා.
ඖෂධ නියාමන අධිකාරිය මගින් නිසි පරිදි සැපයුම්කරුවන් හා නිෂ්පාදකයන් ලියාපදිංචි කොට මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයට අවශ්‍ය කරන ඖෂධ සැපයීම ලබාදීමේ වගකීමක් ඔවුන් සතු වන නමුත් වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය එම වගකීම පැහැර හරින බවද වෛද්‍ය චමල් සංජීව චෝදනා කරනවා.
IV Adrenalin, in Atropine, IV piroton, IV Ondesterone, IV Maxalon, IV Phenagan , IV Hydrocortisone, ඇතුළුව ඖෂධ ගණනාවක් මේ වන විට පෞද්ගලික අංශයේද අඛණ්ඩ සැපයුමක් නොමැති වීම නිසා එම ආයතන අර්බුදයකට ලක්ව ඇති බව හෝ ඔහු පෙන්වා දෙනවා.
එවන් ඖෂධ හිඟ තත්ත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ ආයතන ලියාපදිංචි නොකරන බැවින් ඖෂධ හිඟයට කඩනමින් විසඳුමක් ලබාදීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා.
එසේ නොවන තත්ත්වයක් යටතේ පෞද්ගලික අංශයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට හදිසි ආසාත්මිකතාවක් හෝ හෘද අකර්මන්‍යතාවක් හෝ සිදුවුවහොත් රෝගියාගේ ජීවිතය බේරා ගැනීම දුෂ්කරවන බවද ඔහු පෙන්වා දෙනවා.










