තිබූ බදු ප්‍රමාණයටත් වඩා ඉන්ධනවල බදු ප්‍රමාණය ඉහළ දමා ඇති බවත්, අවසානයේ එහි පීඩනය ජනතාව මත පැටවී ඇති බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
පසුගිය දා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී පිරිසක් සමඟ කළ සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
නැවෙන් ගොඩබාන ගානට ඉන්ධන ලබාදෙන බවට පැවසූ වත්මන් ආණ්ඩුව, අවම වශයෙන් ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීමට පියවර ගත යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
මේ වනවිට අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවත්, එලෙස අත්‍යවශ්‍ය ආහාරවල මිල ඉහළ යෑම හමුවේ
ජනතාවගේ ජිවන වියදම ඉහළ ගොස් ඇති බව පවසන මන්ත්‍රීවරයා ඒ හා සමානව පඩි වැඩිවීමක් සිදුව නොමැති බවත් පෙන්වා දෙනවා.
මීට ආණ්ඩුවේ විසඳුම මොකක්ද යන්න සම්බධව ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ විසඳුම තවත් අලුතෙන් බද්දක් පැනවීමද නැතහොත් පරීක්ෂණ පවත්වමින් විපක්ෂය සහ ජනතාව මර්දනය කිරීමදැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.
අද වනවිට ආණ්ඩුව රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කිරීමට,පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට යන වියදම යම් ප්‍රමාණයක් අවම කිරීමට, ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කිරීමට කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් ගත වූ වසර දෙක තුළ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර නොමැති බවයි ඔහු චෝදනා කරන්නේ.










