රුවන්වැලි සෑය අසල සත්‍යග්‍රහයට අදත් පොලිසියෙන් පනී

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය අද (08) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

එම පිරිසට පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට දන්වමින් අනුරාධපුර මහේස්ත්‍රාන් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

මේ අතර, අද (08) දිනයේදී මෙම සත්‍යග්‍රහය පැවැත්වෙන අතරතුර පොලිසිය විසින් එම ස්ථානයට පැමිණ අධිකරණය නියෝගය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු එහි රැඳී සිටි පිරිස දැනුවත් කිරීම සිදු කළා.

එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පොලිස් නිලධාරීන් වෙත කරුණු පැහැදිලි කරමින් එම ස්ථානයේ අඛණ්ඩව වැඩ සිටින බව ප්‍රකාශ කර සිටියා.