කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් ගංජා හේන් 09ක විශේෂ වැටලීමක්
වැඩි විස්තර >>>
🟠 WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VarihUt9WtBwt0jbvr47
dasathanews #LKA #Dasatha #SL #Srilanka
හම්බෙගමුව ලගිරිගල සහ ගල්ඉරාමන්කඩ ප්රදේශවල සිදුකළ විශේෂ වැටලීමකදී අක්කර තුනහමාරක භූමි ප්රමාණයක වගා කර තිබූ ගංජා හේන් 09ක් වටලා සැකකරුවන් 07දෙනෙකු හම්බෙගමුව පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (09) සිදුකළ මෙම වැටලීමේදී ගල්ඉරාමන්කඩ ප්රදේශයේ පදිංචි අවුරුදු 55 සහ 35 වයස්වල පුද්ගලයන් දෙදෙනෙකු මෙන්ම අරඹෙකෙම ප්රදේශයේ පදිංචි අවුරුදු 50 සහ 32 වයස්වල පුද්ගලයන් දෙදෙනෙකු,ඇඹිළිපිටිය පදිංචි 35 හා 33 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු හා හම්බෙගමුව පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් විවිධ ස්ථානවල කුඩා ප්රමාණ ලෙස ඉතා සූක්ෂම අයුරින් ගංජා වගා කර තිබූ බවයි.
එහිදී අක්කරය, අක්කර තුන්කාල හා අක්කර භාගය ප්රමාණ වලින් සැකකරුවන් ගංජා හේන් සකස් කර තිබුණි.එම වගාවන් වල තිබි විවිධ අස ප්රමාණයන්ගෙන් යුක්ත වු ගංජා ගස් ලක්ෂ දෙකකට ආසන්න ප්රමාණයක් පොලිසිය විසින් ගලවා ගිනි තබා විනාශ කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හම්බෙගමුව පොලිසිය විසින් මෙම වැටලිම සිදුකර තිබෙනවා.













