කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් ගංජා හේන් 09ක විශේෂ වැටලීමක්

කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් ගංජා හේන් 09ක විශේෂ වැටලීමක්
වැඩි විස්තර >>>
🟠 WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VarihUt9WtBwt0jbvr47

dasathanews #LKA #Dasatha #SL #Srilanka

හම්බෙගමුව ලගිරිගල සහ ගල්ඉරාමන්කඩ ප්‍රදේශවල සිදුකළ විශේෂ වැටලීමකදී අක්කර තුනහමාරක භූමි ප්‍රමාණයක වගා කර තිබූ ගංජා හේන් 09ක් වටලා සැකකරුවන් 07දෙනෙකු හම්බෙගමුව පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) සිදුකළ මෙම වැටලීමේදී ගල්ඉරාමන්කඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 55 සහ 35 වයස්වල පුද්ගලයන් දෙදෙනෙකු මෙන්ම අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50 සහ 32 වයස්වල පුද්ගලයන් දෙදෙනෙකු,ඇඹිළිපිටිය පදිංචි 35 හා 33 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු හා හම්බෙගමුව පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් විවිධ ස්ථානවල කුඩා ප්‍රමාණ ලෙස ඉතා සූක්ෂම අයුරින් ගංජා වගා කර තිබූ බවයි.

එහිදී අක්කරය, අක්කර තුන්කාල හා අක්කර භාගය ප්‍රමාණ වලින් සැකකරුවන් ගංජා හේන් සකස් කර තිබුණි.එම වගාවන් වල තිබි විවිධ අස ප්‍රමාණයන්ගෙන් යුක්ත වු ගංජා ගස් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් ගලවා ගිනි තබා විනාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හම්බෙගමුව පොලිසිය විසින් මෙම වැටලිම සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30