තෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (10) දින නුවරඑළිය හග්ගල සීතා අම්මන් කෝවිලට පැමිණ ආශිර්වාද පුජාවකට සහභාගි වුණා.
එම කෝවිල වෙත පැමිණි ආරක්ෂක අමාත්‍යවරයාව, පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධා ක්‍රිෂ්ණන් ඇතුලු එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් පිළිගැනිමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ ආශිර්දාව පූජාවක් පවත්වනු ලැබුවා.
එම පූජාවෙන් අනතුරුව නුවරඑළිය සීතා අම්මන් කෝවිල වෙත පැමිණි ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයාට සිහිවටනයක්ද පිලිනැමීමට කෝවිලේ භාරකාර සභාවේ සභාපතිවරයා කටයුතු කරනු ලැබුවා.
කොළඹ සිට ගුවන් හමුදාවේ Mi17 හෙලිකොප්ටර් යානයකින් නුවරඑළිය නගර සභා ක්‍රිඩාංගණය වෙත ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා පැමිණියා.













