නි. ඇමති ටී. බී, දරුවන් ස්පර්ශ කරන ආකාරය ගැන ළමා හිමිකම් සංවිධානවල කනස්සල්ල

දරුවන් භෞතිකව ස්පර්ශ කිරීමේදී සාම්ප්‍රදායිකව සමාජයේ යෙදෙන “හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය” (Good touch and bad touch) යන සංකල්පයෙන් පරිභාහිරව දරුවාගේ කැමත්තට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ස්ටොප් චයිල්ඩ් කෲවල්ටි’ (Stop Child Cruelty Trust) සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂාරා වික්‍රමනායක පෙන්වා දෙනවා.

සමාජ මාධ්‍යයේ සංසරණය වන දේශපාලකයන් සහ දරුවන් සම්බන්ධ ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඇය පෙන්වා දෙන්නේ, දරුවෙක්ව ස්පර්ශ කිරීමේදී හොඳ ස්පර්ශ හෝ නරක ස්පර්ශ ලෙස වර්ගීකරණය කර දැක්වීමට වඩා දරුවගෙ කැමැත්ත, අනුමැතිය වඩා වැදගත් බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ දරුවෙක් සම්බන්ධ ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇය පෙන්වා දෙන්නේ, එම ඡායාරූපය මෑත කාලීනව ළමයින් සම්බන්ධ පෙත්සමක් පාර්ලිමේන්තුවට ගොස් භාරදීමේ දී ලබාගත් ඡායාරූපයක් බවත්, එම ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස, එම දරුවාගෙන්, මම ඔබේ උරහිස මත අත් තිබ්බට කමක් නැද්ද? (“is it ok to put my hands on your shoulder?”) යනුවෙන් ඇසූ බවත්, එම ප්‍රකාශය තමන් පුදුමයට පත්කළ බවත් වෛද්‍ය තුෂාරා වික්‍රමනායක අවධාරණය කරනවා.

ඇයගේ අවදානයට ලක්ව ඇති අනෙක් ඡායාරූපය, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් සහ දරුවෙක් සම්බන්ධ ඡායාරුපයක්.

ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය මෙන්ම සියලු දෙනාම ළමා අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය තුෂාරා වික්‍රමනායක පෙන්වා දෙනවා.

Screenshot 2026 09 09 135719



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දෙන්න සල්ලි ටික - ඔයාලට වඩා හොඳට වැඩ කරයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37