දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පුද්ගලයාගේ පිලිස්සුණු මළ සිරුර හමුවෙයි – අපරාධකරුවන් දෙදෙනා අත්අඩංගුවට

තලාතුඔය පොලිස් වසමේ බව්ලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ අතුරුදන්වීමක් සම්බන්යෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලාතුඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29ක පුද්ගලයෙක් 2026.09.04 වන දින සිට අතුරුදන්ව ඇති බවට පොලිසියට පසුගිය 07 වනදා පැමිණිල්ලක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අතුරුදන් වූ පුද්ගලයාගේ පිලිස්සීගිය මෘත ශරීරය බව්ලාන කැලෑබද ප්‍රදේශයක තිබී හමුවී තිබෙනවා.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක කළ පොලිසිය අපරාධය සම්බන්ධයෙන් අවුරුදු 18 හා 41 වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලික අමනාපයක් මත පොල්ලකින් පහරදී එම පුද්ගලයාව ඝාතනය කර පසුව එම සිරුර පුළුස්සා දමා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

තලාතුඔය පොලිස්ථානය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10