වැසි දෙවියන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරාජයකින් ගලවා ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. දෙරට අතර බ්‍රිස්ටල්හි පැවැති තුන්වන සහ අවසන් එක්දින තරගය වර්ෂාවෙන් හේතුවෙන් ඊයේ අතහැර දැමීමට සිදුවුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට පූර්ණ තරගාවලි පරාජයකින් ගැලවීමට හැකියාව ලැබුණේ වර්ෂාවට පින්සිදුවන්නටයි. එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි මෙම තරගයේදීද දියාරු පිතිහරඹයක නිරත වෙමින් සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 166ක් පමණයි.

පිතිකරණයේ දුර්වලතා මෙතෙක් හදුනානොගත් ශ්‍රී ලංකා පිතිකරුවන් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ පෙර පැවති තරගවලදී දැවීගිය ආකාරයෙන්ම සිය කඩුල්ල පූජා කළේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ගේ භූමිකාව කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක් තබමින්.

මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවේ දෝලනය පිළිබද අවබෝධයක් නොතිබූ අතර, එහි උපරිම ප්‍රයෝජන ගත් එංගලන්ත පන්දු යවන්නන් කෙටි පන්දු තුළින් ශ්‍රී ලංකා පිතිකරුවන් පහසුවෙන් දවා ගත්තා. මෙම එක්දින තරගාවලියේ ඉනිම් තුනේ දී වනිදු හසරංග සහ  ධනංජය ද සිල්වා ද ඉනිම් දෙකකදී කෙටි පන්දු හමුවේ එකම අයුරින් දැවී යාම කැපී පෙනුනා. ඉන් පෙනී යන්නේ  වැඩි වැටුප් ලබා ගන්නා ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු මෙවැනි වැරදි නිවැරදි කර ගැනීමට පිතිකරුවන්ට ඒ පිළිබදව නිසි අවබෝධයක් ලබාදී ඇත්ද යන්නයි.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ද ඉනිම් දෙකේ දී ම දැවී ගියේ ඔහු තුළට දෝලනය වූ පන්දුවට නිසි අයුරින් පහර දීමට නොහැකි වීම නිසා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්. මෙම තරගයේ ජාත්‍යන්තර විස්තර විචාරකයින් ලෙස කටයුතු කළ ක්‍රිකට් ප්‍රවීණයින්ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය වැරදි හදුනා ගනිමින් ඒවා නිවැරදි කර ගැනීමට කිසිදු උත්සහායක් දරා නොමැති බවයි.

තුන්වන එක්දින තරයේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක ලකුණු 48ක් රැස් කළ අතර වනිදු හසරංග ලකුණු 20ක් ලබා ගත්තා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එංගලන්ත පිලට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරගාවලිය 3ට බින්දුවක් ලෙසත්, එක්දින තරගාවලිය 2ට බින්දුවක් ලෙසත් එංගලන්ත කණ්ඩායම ගැනීමට සමත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46
Video thumbnail
උඹලා මොනවා කරත් අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා - ඔය කෙඳිරි ගාන්නේ බය වෙච්ච අය තමයි
03:42
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38
Video thumbnail
වැලිකඩ OIC ලබන 09වෙනිදා දක්වා රිමාන්ඩ් - හිනාවෙවී කට්ටිය එක්ක ඇතුළට යන හැටි
01:50
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58
Video thumbnail
ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල්
01:15
Video thumbnail
අහිංසක උපාධිධාරීන්ගෙන් ආණ්ඩුව කෝටි 44ක් අරගෙන - දයාසිරිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:01
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමේ වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයකුත් සොයාගනී - මෙන්න නවතම දර්ශන
00:58