AFC Banner
Empty Ad
Empty Ad

තෝරා ගත් පාසල් ජූලි මස ආරම්භ කිරීමට තීරණයක්

ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජූලි මාසය තුළ විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

ඒ සඳහා ගුරුවරුන්ට එන්නත් ලබාදීම පළමු ව සිදුකිරීම අනිවාර්ය බව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී අවධාරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

මෙරට තුළ ළමුන් 50ට අඩු පාසල් 1,439ක් සහ ළමුන්  51 – 100 දක්වා පාසල් 1‍,523ක් ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.

පළමුවෙන් එම පාසල් ආරම්භ කර පසුව අනෙකුත් පාසල් ද නිසි සැලසුමකට අනුව විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?