තෝරා ගත් පාසල් ජූලි මස ආරම්භ කිරීමට තීරණයක්

ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූලව ජූලි මාසය තුළ විවෘත කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අද (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

ඒ සඳහා ගුරුවරුන්ට එන්නත් ලබාදීම පළමු ව සිදුකිරීම අනිවාර්ය බව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී අවධාරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

මෙරට තුළ ළමුන් 50ට අඩු පාසල් 1,439ක් සහ ළමුන්  51 – 100 දක්වා පාසල් 1‍,523ක් ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.

පළමුවෙන් එම පාසල් ආරම්භ කර පසුව අනෙකුත් පාසල් ද නිසි සැලසුමකට අනුව විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14