කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 50ක අමතර තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
මීට පෙර කැනඩාව සහ අමෙරිකාව එකඟ වූ වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට කැනඩාව අසමත් වීම නිසා අමෙරිකාව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, මෙම 50%ක අමතර තීරුබදු මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා..
Update – අමෙරිකාවට කැනඩාවෙන් දැඩි ප්‍රතිචාර
අමෙරිකාවේ නව තීරුබදු ඉහළ දැමීම්වලට එරෙහිව ප්‍රතිචාර බදු පනවන කැනඩා අගමැති මාක් කාර්නි පවසනවා.
ඒ අනුව “ඩොලරයට ඩොලරයක්” හිලව් වන පරිදි ප්‍රතිචාර බදු පැනවීමට සූදානම් බව ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම අමෙරිකාව සමඟ පැවැති ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡා අත්හිටුවීමට කැනඩාව තීරණය කර තිබෙනවා.













