මත්ස්‍ය සම්පත අඩුවීම පිළිබඳව රජයෙන් පුළුල් පරීක්ෂණයක්

මත්ස්‍ය සම්පත අඩුවෙමින් පවතින බවට ධීවරයින් සහ මාධ්‍ය මගින් නිකුත් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (NARA) උපදෙස් දී ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මත්ස්‍ය සම්පත අඩුවෙමින් පවතින බවට පළවන වාර්තාවල යම් සත්‍යතාවක් පවතින බවයි.

“මම මේ සම්බන්ධ පුවත්පත් වාර්තා දැක්කා. එහි යම් සත්‍යතාවක් තිබෙන බව පෙනෙන්නට තියෙනවා,” යැයි ඔහු සඳහන් කළා.

මත්ස්‍ය සම්පත අඩුවීම සඳහා සාගර පරිසරයේ සිදුවන වෙනස්වීම්, සාගර දූෂණය සහ මුහුදු උෂ්ණත්වය ඉහළ යාම ඇතුළු විවිධ සාධක බලපෑ හැකි බව ද ඔහු පැවසුවා.

මේ තත්ත්වය එල් නිනෝ (El Niño) තත්ත්වයන් සමඟ සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳවද සොයා බැලිය යුතු බව සඳහන් කළ ඔහු, ලෝකයේ විවිධ මුහුදු ප්‍රදේශවලද මෙවැනි වෙනස්කම් නිරීක්ෂණය වෙමින් පවතින බව ප්‍රකාශ කළා.

මුහුදේ ඇල්ගී/පාසි (Algae) ප්‍රමාණය අඩුවීම නිසා ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට බාධා වන අතර, මත්ස්‍ය විශේෂවල වර්ධනයට සහ පැවැත්මට අවශ්‍ය සාගර පරිසරයටද ඉන් බලපෑම් එල්ල විය හැකි බව ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම, මුහුදු උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇතැම් මත්ස්‍ය විශේෂ ගැඹුරු මුහුදු ප්‍රදේශ දෙසට සංක්‍රමණය විය හැකි බවත්, ඒ හේතුවෙන් සාම්ප්‍රදායිකව ධීවර කටයුතු සිදුකරන ප්‍රදේශවල මත්ස්‍ය සම්පත අඩුවිය හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

තවද, නීතිවිරෝධී හා විනාශකාරී ධීවර ක්‍රමවේදයන් හේතුවෙන් මත්ස්‍ය සම්පතට සිදුවිය හැකි හානිය පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය. මෙවැනි විධිමත් නොවන ධීවර ක්‍රම මගින් මත්ස්‍ය සම්පතට බලපෑම් එල්ල විය හැකි බව NARA ආයතනය විසින් සිදුකරන ලද පූර්ව පර්යේෂණ මගින් පෙන්වා දී ඇති බවද ඔහු පවසා සිටියා.

මේ අනුව, මත්ස්‍ය සම්පතේ වත්මන් තත්ත්වය, මත්ස්‍ය නිෂ්පාදනයේ සිදුවී ඇති වෙනස්කම්, ඔවුන්ගේ වාසස්ථානවල සිදුවී ඇති වෙනස්කම් සහ ඊට බලපාන සාධක පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස NARA ආයතනයට උපදෙස් දී තිබෙනවා.

තවද, හඳුනාගනු ලබන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහාත්, මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගැනීම සඳහාත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද NARA ආයතනයෙන් ඉල්ලා සිටින බව සඳහන්.

මෙම පර්යේෂණ වාර්තාව ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බාරදීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි
01:25
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි - ගී හඬ නිහඬ වුණත්… ආදරය තවමත් ගලා එයි
01:30