10 වසරේ යාපනේ කොල්ලෙක් ලෝකෙම හොල්ලයි

යපෙනය හින්දු විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් ‘වට්ස්අප්’ සමාජ මාධ්‍ය ජාලයට සමාන යෙදවුමක් (ඇප් එකක්) නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

නකීරන් මාකිලියන් නමැති මෙම සිසුවා නිර්මාණය කොට ඇති යෙදවුම ‘Msquad’ වශයෙන් නම් කොට ඇත.

කොරෝනා සමයේ නිවෙසට වී ගත කරන කාලය තුළ මෙම නිර්මාණය කර ඇති සිසුවා ඒ සදහා කිසිවකුගේ සහායක් ගෙන නොමැති බවද දැනගන්නට ඇත.

යූටියුබ් චැනල්වල ඇති වීඩියෝ තනිවම නරඹමින් මෙම නිර්මාණය කිරීමට නකීරන් කටයුතු කර ඇති අතර ඔහුගේ පළමු උත්සාහය ව්‍යර්ථ වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් දෙවන උත්සාහය ඔහු විසින් සාර්ථක කොටගෙන ඇති බවද දැනගන්නට තිබේ.

  1. බුලට් එකක්….මෙවගේ තරුණ අයයි රටට ඕන….හැබැයි දෙමල හින්ද ඉස්සරහට එන්න දෙයිද?