රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
රජයේ රස පරීක්ෂක වාර්තා ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් සැකකරුවන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත පැවසුවේ මෙම තත්ත්වය බන්ධනාගාරවල තදබදයට හේතු වී ඇති බවයි.
බන්ධනාගාරවල තදබදයට පිළියම් යෙදීම සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත මාරු කර ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා.
දැනට දිවයින පුරා බන්ධනාගාරවල සිරකරුවන් 39,000ක් පමණ රඳවා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1
1













