Update – සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් පරීක්ෂා කිරීමට යාමේදී පිළියන්දල දී පොලිස් වෙඩි තැබීමක්

පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද (19) උදෑසන 5.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත වැටලීමක් සඳහා අද (19) අලුයම ගොස් තිබෙනවා.

එහිදී යතුරුපැදියක සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් නිලධරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේ දී යතුරුපැදියේ පිටුපස සිටි පුද්ගලයා පොලිස් නිලධාරීන්ට මාන්නයකින් පහර දීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ පොලිසිය වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එහිදී එම සැකකරු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනෙක් සැකකරු එම අවස්ථාවේ දී පලාගොස් ඇති අතර, තුවාල ලැබූ සැකකරු මේ වන විට කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන අරඹා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29
Video thumbnail
පපරේ සද්දෙ මැදින් කෝවිලට ආ රෝහිත - මාර පිළිගැනීමක් දෙන්නේ
01:19
Video thumbnail
පෙරහැරයක් මැද අලියෙක් කුලප්පු වෙලා ඇති වූ උණුසුම් තත්ත්වය
01:17
Video thumbnail
මේ දේවාලේ ඇවිත් ඉන්නේ කවුද කියලා අදුරනවද බලන්න..
00:21
Video thumbnail
බූමරංගය කැරකිලා ආපහු ආණ්ඩුවේ පැත්තටම එනවා
12:28