මීගමුව සිද්ධිය මුල් කරගෙන අධිකරණ ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබෙනවා.

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව අමාත්‍යවරයා සිය වගකීම සහ වගවීම ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අද (10) පාර්ලිමේන්තුවේ දී අත්සන් කර තිබුණා.