නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි සඳහා කඩිනමින් යුක්තිය ඉටු කිරීම අරමුණු කර ගෙන තුෂ් වික්‍රමනායක ඇතුළු කණ්ඩායම විසින් අත්සන් 40000ක් ලබා ගැනීමේ පෙත්සම අද (09) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ලබා දෙනු ලැබුවා.
මෙහි දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි චමින්ද්‍රානි කිරිඇල්ල , රෝහිනී කවිරත්න සේම සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද මෙම පෙත්සම සඳහා අත්සන් කිරීම සිදු වුණා.
මීට පෙර ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තුෂ් වික්‍රමනායක ඇතුළු කණ්ඩායම කටයුතු කළා.













