ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොවත්ත හන්දියේදී අවිස්සාවේල්ල දෙස සිට පෑලියගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් දකුණට හැරවීමේදී පෙරළීමෙන් දෙමටගොඩ සිට පෑළියගොඩ දක්වා දිවෙන මාර්ගයේ මංතීරු දෙකක් අවහිර වී තිබෙනවා.
එම හේතුවෙන් ඇති වී තිබෙන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පෑළියගොඩ දෙස සිට දෙමටගොඩ දක්වා වන මංතීරුව ඔස්සේ දෙමටගොඩ දෙස සිට පෑළියගොඩ දෙසටත් පෑළියගොඩ දෙස සිට දෙමටගොඩ දෙසටත් රථ වාහන ගමනාගමනය සිදු කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ .
මෙම මාර්ගයේ ඇති වූ අවහිරතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් පොලිසිය දැනුම්දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













