චීනයට බලපෑමක් කරමින් ඔස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතර හදිසි ආරක්ෂක ගිවිසුමක්

පැසිෆික් කලාපය තුළ චීනයේ දේශපාලන සහ මිලිටරි ව්‍යාප්තියට දැඩි බලපෑමක් එල්ල කරමින්, ඔස්ට්‍රේලියාව සහ ෆීජි දූපත් රාජ්‍යය අතර සුවිශේෂී ආරක්ෂක සන්ධානයක් හදිසියේම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කලාපීය ආරක්ෂාව සහ භූ-දේශපාලනික ස්ථාවරත්වය වෙනුවෙන් දෙරටේ සබඳතා ඉහළම මට්ටමකට රැගෙන යාමට මෙමඟින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ .

මෙම නව ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාව සහ ෆීජි ආරක්ෂක අංශ අතර ඒකාබද්ධ යුද අභ්‍යාස පුළුල් කිරීම, දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම, බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම මෙන්ම සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු ඉහළ නැංවීම සඳහා පහසුකම් සැලසෙනු ඇති.

විශේෂයෙන්ම පැසිෆික් කලාපීය කුඩා දූපත් රාජ්‍යයන් තමන් වෙත නතු කරගැනීමට චීනය දියත් කර ඇති රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්වලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය මෙම උපායමාර්ගික පියවර ගෙන තිබෙනවා .

ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෑත කාලයේදී චීනය විසින් කලාපයේ රටවල් සමඟ ආරක්ෂක සහ පොලිස් ගිවිසුම්වලට එළඹීමට දැඩි උත්සාහයක නිරත වූ පසුබිමක, ෆීජි රාජ්‍යය ඔස්ට්‍රේලියාව සමඟ මෙලෙස සෘජුවම අත්වැල් බැඳගැනීම බීජිං පාලනය ලැබූ විශාල පසුබෑමක් බවයි.

මෙමඟින් කලාපයේ ප්‍රධාන ආරක්ෂක සහකරු ලෙස ඔස්ට්‍රේලියාව සතු භූමිකාව තවදුරටත් තහවුරු වන බව ද ඔවුහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන චාමරගෙන් ආන්දෝලනාත්මක කතාවක් - බන්ධෙ පොලිසිය එක්ක එයාලට තරහක් තියෙනවා
05:16
Video thumbnail
චාමර ඇඟිල්ල දික් කරලා කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා - මචං උඹලටත් වැරදුණා අපිටත් වැරදුණා
04:47
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.07
09:09:42
Video thumbnail
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
01:22
Video thumbnail
වීඩියෝවක් පෙන්නලා විපක්ෂයේ කෙරුවාව නිරුක්ෂ එළියට දායි - අධිකරණ ඇමති කරන්නේ නාමල් රාජපක්ෂද ?
13:20
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
01:46
Video thumbnail
ආරක්ෂක නිලධාරීන්ට ඩබල් සැලියුට්
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් සොයා විශේෂ මෙහෙයුමක්
01:35
Video thumbnail
මෙච්චර දරුණු වෙන්න කවුද නායකත්වය දුන්නේ ?ගැ#ම නිලධාරින් මැදිහත්වෙලා නිරාකරණය කළා
03:52
Video thumbnail
මහ රෑටත් ගෙවල් ගාණේ යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
02:38