පරිවාස කොමසාරිස් තනතුර යෝජනා වූ නමට කැබිනට් අනුමැතිය

පරිවාස කොමසාරිස් තනතුර මේ වන විට පුරප්පාඩු වී පවතින අතර එම තනතුර සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි යූ. එල්.මතීෂා ජිනන්ජලී ජයතිලක සුදුසු බවට හඳුනා ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඒ අනුව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි යූ.එල්.මතීෂා ජිනජලී ජයතිලක වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.