සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය සලකා බැලේ

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ලබන වසරේ අයවැයෙන් වෙන් කිරීමට යෝජිත ප්‍රතිපාදන පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ඒ, එම උපදේශක කාරක සභාව එහි සභාපති, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී, ශ්‍රී ලංකාව විදේශ රටවල් සමඟ එළඹ ඇති වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වුණා.

විදේශ වෙළෙඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටුවේ වාර්තාව ලැබීමෙන් අනතුරුව අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන බවත් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළා.

එමෙන්ම, සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කළ හැකි නව ව්‍යාපෘති හා වැඩසටහන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යෝජනා රැසක් කාරක සභාවේ අවධානයට යොමු කරන ලැබුවා.

මෙම රැස්වීමට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර , සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ සහ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
02:08
Video thumbnail
තාත්තයි පුත්තු දෙන්නයි ඇතුළේ..අම්මා අඬනවා..ඇයි මෙහෙම වුණේ ?පහුගිය ආණ්ඩුවලත් මෙහෙම සිද්ධි වුණානේ
08:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.07
00:00
Video thumbnail
අජිත් බන්ධනාගරය ගැන කියලා හර්ෂණට කට උත්තර නැතිකරයි - දෙවැනි කැරැල්ල වළක්වා ගන්න තිබුණා
08:11
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26