ලිංගික ඇරයුම් කතාව ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රථම වරට මාධ්‍යට කියයි

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම කලාකරුවෙකුවන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් මෙරට ප්‍රකට නිළියක් හට ලිංගික දර්ශන සම්බන්ධයෙන් යෝජනා කළ සහය අධ්‍යක්ෂවරයෙකු පිළිබඳ පුවතක් අප ඊයේ (24) වාර්තා කළා.

එම පුවත පිළිබඳව මේවන විට  යම් ආන්දෝලනාත්මක පසුබිමක් නිර්මාණය වී තිබෙන අතර අප මේ පිළීබඳව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගෙන් විමසීමක් සිදු කළා.

ඒ මහතා අප හා පැවසුවේ අදාළ පුද්ගලයා දිගු කාලයක් තිස්සේ මෙම ක්‍රියාව කරගෙන ගොස් ඇති බවයි.

එමෙන්ම මොහු විවිධ නිළියන් රැසක් අමතා මෙවැනි යෝජනා සිදු කර ඇති බව ද මහාචාර්ය ආරියරත්න මහතා පවසා සිටියා.

අදාළ පුද්ගලයා කිසිදු ආකාරයෙන් තමන් නොහඳුණන තැනැත්තෙකු බව ද ඒ මහතා අවධාරණය කළා.

මොහු අවසන්වරට අමතා ඇති නිළිය සිදු කර ඇති පැමිණිල්ලට අනුව අදාළ තැනැත්තා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වූ අතර සුනිල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ තම නම ද මෙම සිද්ධියට පැටළී ඇති නිසා තමන් ද ගාල්ල පොලීසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දුන් බවයි.

මේ අතර පුවත් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ පුද්ගලයාගේ අවසාන ඇමතුම ලද නිළිය නිර්ධා උයන්හේවා බවයි.

ඇය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වූයේ.

වත්තෝරු තන්ත්‍රීගේ රවීන්ද්‍ර නමැති 47 හැවිරිදි මෙම පුද්ගලයා චිත්‍රපටයක සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කර ඇති බව පැවසෙනවා.

මේ අතර අදාළ පුද්ගලයා ඇමතුම් ලබා ගත් තවත් නිළියන් පිළිබඳව ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා.

කවින්ද්‍යා අධිකාරී, සුලෝචනා වීරසිංහ, දුලානි අනුරාධා, පියුමි බොතේජු, ගංගු රොෂානා සහ මාදිනි මල්වත්ත ආදී රංගන ශිල්පිනියන් ද ඒ අතරවන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?