ලිංගික ඇරයුම් කතාව ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රථම වරට මාධ්‍යට කියයි

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම කලාකරුවෙකුවන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් මෙරට ප්‍රකට නිළියක් හට ලිංගික දර්ශන සම්බන්ධයෙන් යෝජනා කළ සහය අධ්‍යක්ෂවරයෙකු පිළිබඳ පුවතක් අප ඊයේ (24) වාර්තා කළා.

එම පුවත පිළිබඳව මේවන විට  යම් ආන්දෝලනාත්මක පසුබිමක් නිර්මාණය වී තිබෙන අතර අප මේ පිළීබඳව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගෙන් විමසීමක් සිදු කළා.

ඒ මහතා අප හා පැවසුවේ අදාළ පුද්ගලයා දිගු කාලයක් තිස්සේ මෙම ක්‍රියාව කරගෙන ගොස් ඇති බවයි.

එමෙන්ම මොහු විවිධ නිළියන් රැසක් අමතා මෙවැනි යෝජනා සිදු කර ඇති බව ද මහාචාර්ය ආරියරත්න මහතා පවසා සිටියා.

අදාළ පුද්ගලයා කිසිදු ආකාරයෙන් තමන් නොහඳුණන තැනැත්තෙකු බව ද ඒ මහතා අවධාරණය කළා.

මොහු අවසන්වරට අමතා ඇති නිළිය සිදු කර ඇති පැමිණිල්ලට අනුව අදාළ තැනැත්තා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වූ අතර සුනිල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ තම නම ද මෙම සිද්ධියට පැටළී ඇති නිසා තමන් ද ගාල්ල පොලීසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දුන් බවයි.

මේ අතර පුවත් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ පුද්ගලයාගේ අවසාන ඇමතුම ලද නිළිය නිර්ධා උයන්හේවා බවයි.

ඇය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වූයේ.

වත්තෝරු තන්ත්‍රීගේ රවීන්ද්‍ර නමැති 47 හැවිරිදි මෙම පුද්ගලයා චිත්‍රපටයක සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කර ඇති බව පැවසෙනවා.

මේ අතර අදාළ පුද්ගලයා ඇමතුම් ලබා ගත් තවත් නිළියන් පිළිබඳව ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතිනවා.

කවින්ද්‍යා අධිකාරී, සුලෝචනා වීරසිංහ, දුලානි අනුරාධා, පියුමි බොතේජු, ගංගු රොෂානා සහ මාදිනි මල්වත්ත ආදී රංගන ශිල්පිනියන් ද ඒ අතරවන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11