බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ජූනියර් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙනවා.
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ, 16 දෙනාගේ වටයේ දී නෝර්වේ කණ්ඩායමට එරෙහිව බ්‍රසීලය ගෝල 2-1ක් ලෙස කම්පන සහගත පරාජක් අත්විමත් සමඟ නේමාර් සිය සමුගැනීම නිවේදනය කරනු ලැබුවා.
බ්‍රසීලය ලැබූ මෙම පරාජයත් සමඟ මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වීමට පස් වතාවක් ලෝක ශුරයින් වූ බ්‍රසීලයට සිදු වුණා.
බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩා කළ වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන නේමාර් ජූනියර්, වසර 16ක් බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩාකර තිබෙනවා.
මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවන නේමාර් බ්‍රසීලය වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ 129 කදී ගෝල 80ක් ලබාගෙන තිබෙනවා.













