සහල් පරිභෝජනය අඩුකළ යුතු බව කෘෂි ඇමති කියයි

මෙරට ජීවත්වන පුද්ගලයින්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය උදෙසා සහල් පරිභෝජනය අඩුකළ යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද Agri Taste 2026 ආහාර ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතා වශයෙන් අද (05) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“සහල් පරිභෝජනය අඩුකරන්න ඕන. මම දන්නවා මේක කිව්වම මීඩියාවල යන්නේ මොනාද කියලා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%කට සීනි. හේතුව තුන්වේල බත් කළා. අපි සහල් මූලික දෙයක් විදියට ගොඩනඟන්න ඕන. හදන ආහාරවල සහල්වල පංගුව අඩු කරන්නත් ඕන. ඒ කියන්නේ සහල්වලින් හදන ආහාර වර්ග ගොඩක් වැඩි කරන්නත් ඕන එක්කෙනක් දවසට ගන්න සහල් ප්‍රමාණය අඩුකරන්න ඕන වෙනත් දේවල් එකතු කරලා ආහාර වර්ග ගොඩනඟන්න ඕන.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්