කඩවත පොලිස් වසමේ ඉහළ බියන්විල ප්රදේශයේ ඊයේ (04) රාත්රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 54ක කඩවත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා ඊයේ (04) ඔහුගේ සහෝදරයෙකුගේ උපන්දින සාදයකට සහභාගි වී ඇති අතර, එහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඇති වූ ආරවුලක් මත තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කඩවත පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













