බස්නාහිර පළාත තුළ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (05) දිනයේ සිට ආරම්භ වනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල සහ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල මෙන්ම කොළඹ මහ නගර සභාව අවට ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැළණිය, සීදූව, ජාඇල, මහර, වත්තල, මීගමුව සහ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මෙම වැඩසටහනින් ආවරණය වනවා.
කළුතර දිස්ත්‍රික්කයේ, මෙම වැඩසටහන පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල ක්‍රියාත්මකයි.
මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති සියලුම ඩෙංගු රෝගීන්ගෙන් 45%ක් මෙම අධි අවදානම් සහිත කොට්ඨාශවලින් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.













